1150 x 80 px

තහනමට එදිරිව නැවත බෙදාහැරීම

1983 වසරේදී මාර්තා මන්ජුන් විසින් ඇතන්ස් පාර්තනෝන් ආකෘතියට සමානව නිර්මාණය කරන ලද සිය ස්ථාපන-කලාකෘතිය ජනගත කලාය. එම කලාකෘතිය මාර්තා, කලාකාරිනියක් ලෙස ගත් නිර්භීත පියවරක් ලෙස ඉතිහාසය සාක්ෂි දරනවාට කිසිම සැකයක් නැත.

එම වසරේදීම බලයෙන් ඇදවැටුනු ජාතිකවාදී කතෝලික අන්ත දක්ෂණාංශික මිලිටරි ජුන්ටාවට විරැද්ධව සිය නිර්මාණය සෞන්දර්යාත්මකද ඒ වගේම ජ්‍රජාතන්ත්‍රවාදයේ සලකුණක් ලෙස ඇය, සිය කලා නිර්මාණය ස්ථාපනය කරවීය. මේ දැවැන්ත කලා ස්ථාපනය නිර්මාණය කිරීමේදී ඇගේ අදහස වුනේ අවුරැදු ගණනක අඥාදායක මිලිටරි පාලනයක් ඇද වැටෙන නිශ්චිත මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වන අදහස සමාජය සංස්රණය තුළ විදීමයි. තහනම් කරන ලද පුස්ථක පාර්තනොන් හෙවත් එල් පාර්තනොන් ඩේ ලෙබෝස් ප්‍රොහිබිඩෝ ලෙස නාමකරණය කළ මේ දැවැන්ත නිර්මාණය ජන රාශියකගේ හවුලෙන් ගොඩැනැගුණු අසමසම නිර්මාණයකි.

විවිධාකර පුද්ගලයන් විසින් ප්‍රධානය කරන ලද, විවිධාකාරයෙන් එකරැස් කරගන්නා ලද, විවිධ රටවල විවිධ විකාර සහගත හේතු දක්වමින් තහනම් කරන ලද පොත් හෙවත් දැනුම එකතැනකට, ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණක් විදිහට එක්රැස් කිරීමම දනවන්නේ අසිරිමත් හැගීමකි. ඒ හැඟීම තවත් උත්කර්ශගත වන්නේ එහි ඊළඟ පියවර නිසාවෙනි. ඒ එක්රැස්වූ විශ්වීය දැනුම නැවත නිරායුධ පොදු සමාජය වෙත ‘නැවත බෙදාහැරීම'තුළයි.

එය ලෝකය පුරාම'තහනම'සිය පාලන සූත්‍රය කරනෙ සිටින පාලකයන් ඉදිරියේ තැබූ මර්තා සිය කලා නිමාර්ණය ස්ථාපනය කිරීම් මගින් තබන්නේ සුලුපටු අභියෝගයක් නොවේ. ආර්ජන්ටිනාවේ මිලිටරි ජුන්ටාව විසින් යටිමහල් තුළ අගුලු ගා තිබූ තිබූ පොත් 25000 කට අධික ප්‍රමාණයක්, ඇය, සිය කලා විස්ථාපනයේ අමුණා තබනවා. අකුරැ මිලියන ගණනක අභියෝගයක්. අකුරැ මිලියන ගණනකින් විශ්වීය දැනුමේ අයිතිය නැවත මිනිස් සමාජය වෙත අත්පත් කර දීමේ උත්සහයක්.

මර්තා මිනුජෙන්ගේ මේ නිර්මාණය කලාව අශ්‍රයෙන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වගේම අධ්‍යාපනික අභ්‍යාසයක්. ඒක එහෙම වෙන්නේ දැනුම යනු බලය සහ එය ළගාකර ගැනීමට ධනය තිබිය යුතුය කියා සූත්‍රගත කරන ලද පැරණි සමාජ ක්‍රමයක් තුළ විශ්වීය දැනුම් ප්‍රකාශන නැවත බෙදාහැරීම මුදල විසින් සියල්ල තීරණය කරන ක්‍රමයට විරැද්ධව කලාව පිහිටුවීම නිසා. ඒ වාගේම එය ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ අභ්‍යාසයක් වෙන්නේ දැනුම බෙදාගැනීමට විරැද්ධවූවන්ද ඒ ඔස්සේම සමාජය ඉදිරියේ නිරැවත්වන නිසාවෙනි. පොත් තහනම් කරන මිලිටරි ජුන්ටාවක් සහ පොදු දේපල සොරකම්කරන , අත්පත් කරන වගේම අයථා භාවිතයේ යොදන සමාජ පන්තියක අතර වෙනස්කම් නැති තරම්. මන්ද, ඔය දෙපිරිසම සමාජ වෙත යක්ෂයාගේ අන්ධකාරය ගෙන එන්නන්. ඔවුන්ගේ එකම අභිලාශය බලය තමන් සතුකර තබාගැනීම. එල් පාර්තනොන් ඩේ ලෙබෝස් ප්‍රොහිබිඩෝ හරහා අභියෝගයට ලක්වන්නේ ඒ මිලටරි මුදලාලි පන්තියේ බලය.

ඇත්තටම මර්ථා සිය නිර්මානයෙන් කරන්නේ සුළු පිරිසක් විසින් රදවාගෙන සිටින 'සංස්කෘතික ධනය' පොදු සමාජය සමග බෙදා හදා ගැනීමක්. සමාජයෙන්ම සොරාගනු ලැබූ 'සංස්කෘතික ධනය'නැවත් සමාජය වෙතම අත්පත් කර දීමක්.

විශේෂයෙන්ම අඥාදායකත්වයෙන් බැටකා කැලී කැලී වලට විසිරී ගිය සමාජයට නැවත 'පොදු නිරායුධභාවය' අභ්‍යාස කිරීමක්. විශේෂයෙන් අඥාදායකත්වයකින් පසු සමාජය සුවපත් කිරීමට විශේෂනේම කීපදෙනක් අතර ගැවසුනු බලයක් නිරායුධ කිරීම වගේම ඒ බලය සමව අනෙක් සමාජ පද්ධතීන් තුළට කාවැද්දීම සීරැවට කලයුතු දෙයක්. ඒ අර්ථයෙන්ද මාර්තා මන්ජුන්, සිය නිර්මාණය සමාජය තුළ ස්ථාපනය කරන කාලය සහ ආකාරය ඉතා විශිෂ්ඨයි. ග්‍රීක පාර්තනෝන් ආකෘතියට එකිනෙකට ගැටගැසූ යකඩ බම්බු මත රැදවූ පොත් විසින් සමාජය වෙත කැදවන් එන්නේ ආලෝකයක්. ආලෝකමත් ඕනෑම මොහොතක් යනු බෙදා ගත හැකි මොහොතක්. එකිනෙකාව දැකිය හැකි මොහොතක්. එවැනි විශ්වීය මොහොතවල් නිර්මාණය කළ හැක්කේ කලාවට පමණි.

 

ක්‍රිශාන් රාජපක්ෂ

 

 

 

Top