1150 x 80 px

 

'කුවේණි' නව නිශ්පාදනය ජනවාරි 17 සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී

හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍ය නව නිශ්පාදනයක් ලෙසින් ජනවාරි මස 17 වන දින සවස 6.30ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී රඟ දැක්වේ.

 

ප්‍රසන්නජිත් අබේසූරියගේ අධ්‍යක්ෂණයෙන් නිෂ්පාදිත මෙම නාට්‍යයේ මුල් නිෂ්පාදනය සඳහා එච්. එච්. බණ්ඩාර නිර්මාණය කළ සංගීතය මෙහෙයවනු ලබන්නේ ශාන්ත පීරිස් විසිනි. රංග වින්‍යාස හා රංග වස්ත්‍ර නිර්මාණය ප්‍රසන්නජිත් අබේසූරියගෙනි. පසුතල නිර්මාණය දසුන් බණ්ඩාරගෙනි.

මුල් නිෂ්පාදනයේ රංගනයෙන් දායක වූ නිමල් ජයසිංහ සමඟ ප්‍රසන්නජිත් අබේසූරිය, කසුනි ගනේවත්ත, අනුරාධ මල්ලව ආරච්චි, එස්. අයි. සමරක්කොඩි, තාරක කුරුඳුකාරගේ, නිසංසලා ගුණවර්ධන, සමිත් පල්ලියවත්ත, රංගජිත් අබේසූරිය, කසුන් රතුගමගෙදර, ධනුෂ්කා සමරනායක, ගිම්හානි ආතාවුද, ඉසුරු දිසානායක, සංචලා කොහොඹගහගේ, හිරුෂාන් හෙට්ටිආරච්චි, අකලංක ලියන ආරච්චි, සුදර්ශන සක්‍රාගේ, අනූෂි මධූෂා ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවේ.

Top