1150 x 80 px

 

පද්මාවතිගේ සැබෑ හදගැස්ම - රන්වීර් සිං
පද්මාවතී චිත්‍රපටය තිරගත වුණේ බොලිවුඩය පමණක් නොව මුළු ඉන්දියාවේම ආන්දෝලනයට ලක් වෙමින්. බාධාවන් හමුවේ වුණත් බොක්ස් ඔෆීස් වාර්තා තබමින් මේ වන විට ලෝකය පුරා පද්මාවතී තිරගත වෙනවා.
 
සංජේ ලීලා බන්සාලිගේ ප්‍රියතම තේරීම වන රන්වීර් - දීපිකා සුසංයෝගය වගේම ෂහීඩ් කපූර් මෙන්ම ජිම් සර්බ් යන රංගන ශිල්පීන් පද්මාවතී තුළ සිය අනන්‍යතා සලකුණු කරනවා. එහෙත් පද්මාවතිගේ සැබෑ හදගැස්ම වෙන්නේ රන්වීර් සිං, චිත්‍රපටය නැරඹු බොහෝ දෙනකුගේ අදහස එය. අලෞද්ධින් ඛිල්ජි පද්මාවතී තුළ රන්වීර්ගේ යක්ෂාවේශය. මේ ඒ පිළිබඳව රන්වීර් සමඟ සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත සටහනක්.
 
ඔබට වඩා අභියෝගයක් වුණේ බජිරාඕ ද එසේ නැතිනම් අලෞද්ධින් ඛිල්ජි ද?
 
මේ ගැන කව්රුහරි මගෙන් අහපු පළමුවෙනි වතාව. පද්මාවති වැඩ ආරම්භ වුණ දා ඉඳලා මම ඒ ගැන කතා කළේ නැහැ. නමුත් මම හිතන්නේ බජිරාඕ මානසිකව දුෂ්කර චරිතයක් වගේම අලෞද්ධින් ඛිල්ජි ශාරීරිකව දැඩි චරිතයක්. ඒ වගේම බජිරාඕ රූගත කිරීම් දුෂ්කර වුණා. එකම දේ නැවත නැවත කරන්න සිදු වුණා. මගේ පෙනහළු කෑගැසුවා. නැටුම් නිසා මගේ දණහිස් ජෙලි වගේ වුණා. කකුල් තියෙනවා කියලා මට දැනුණේ නැහැ. ඇක්ෂන් දර්ශනවලදී මට ක්ලාන්තේ හැදුණා. වමනේ දමමින් රූගත කිරීම සිදු කළා. රූගත කිරීම්වලදී සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට දින හත අටක විවේකයක් ලැබෙනවා. නමුත් මට ලැබුණේ නැහැ. රූගත කිරීම් කොතරම් දුෂ්කර වුවත් මගේ එය කරන්න මම ඉදිරිපත් වුණා. ඒ නිසා බජිරාඕගේ චරිතය වගේම අලෞද්ධින් ඛිල්ජි වෙනුවෙනුත් කැපකිරීම් කරන්න සිදු වුණා. අලෞද්ධින් ඛිල්ජි වෙනුවෙන් මම දවස් 21ක් ශිෂ්ටාචාරයෙන් ඉවතට ගිහින් තට්ට තනියම ජීවත් වුණා. අඳුරු ලෝකයකට ඇතුල් වුණා. අවසානයේදී මම එළියට ආවේ 'අලෞද්ධින් ඛිල්ජිව' ලෙස.
 
ranveer 4
ඔබ ආවේශ කරගත් අලෞද්ධින් ඛිල්ජිව ඉවත් කරන්න අකමැත්තෙන් ද ඉන්නේ? 
 
එහෙම පැකිලීමක් නැහැ. මට හිතුණේ මට මාව අහිමි වෙලා කියලා. එහෙම වෙන්න තිබුණා මම ඒ වෙනුවෙන් ප්‍රතිකාර නොගත්තා නම්. ඒ සඳහා මම පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කළා. කොහොමද දැනෙන්නේ කියලා මම මගේ හදවතට කතා කළා. මම ඔවුන් කියන දේ ඇහුවා. ඔවුන් මට වෛද්‍යවරුන් වුණා. සෙමින් නමුත් මම සිටි තැනටම ආපසු ආවා. 
 
රන්වීර් සහ අලෞද්ධින් ඛිල්ජි අතර පොදු දෙයක්  තිබෙනවාද?
 
එහෙම දෙයක් නැහැ. මම හානිකර, කෑදර, අධිෂ්ඨානශීලී කෙනෙක් නෙවෙයි. මම කළේ ඛිල්ජි වැනි ලෝක ඉතිහාසයට සම්බන්ධ පුද්ගලයකු පිළිබඳව අධ්‍යයනය කිරීම. මම තේරුම් ගත්තේ ඛිල්ජි වැනි මිනිසුන් සිටිය බව සහ ඒ චරිතයට පණ දීම සඳහා මම එය යොදා ගත්තා. මගේ ජීවිතයේ ගැඹුරු සහ අඳුරු මතකයන් තුළ මම ඒ දේවල් තැන්පත් කර කරගෙන නැවත අලෞද්ධින් ඛිල්ජි  හරහා ඒවා එළියට දැම්මා. එය භාව විශෝධනයක්. දැන් මට ලොකු සැහැල්ලුවක්, සතුටක් දැනෙනවා. 
 
ranveer5
රඟපෑ අමාරුම දර්ශනය කුමක්ද?
 
බොහෝ  දර්ශන ශාරීරිකව ටිකක් අපහසු වුණා. ආපසු බලනවිට එහි තිබෙනවා ඉතා අලංකාර නර්තනයන්. රූගත කිරීම්වලින් පසු සෑම දවසකම ශරීරය යථා තත්ත්වයට පත් කරගන්නට මගේ ඇඟිලි අයිස් බකට් එකක ඔබා ගෙන හිටපු දවස් තිබුණා. 
 
රසිකයන් කැමතියි ජිම් සර්බ් මලික් කෆූර් ලෙස ඔබ සමඟ යෙදෙන රංගනයට?
 
රසිකයන් මම සහ ජිම් අතර සිදුවන රංගනය පිළිබඳව ගොඩක් කතා කරනවා (සිනාසෙයි). මට ඒ ගැන සතුටුයි. ජිම් අලුත් දේ අත්හදා බලනවා. අපි කරන්න හදපු දේවල්වලට සංජේ සර් බය වුණා. ඇත්තටම ඔහු සුපිරි දක්ෂයෙක්. ඔහු තෘප්තිමත් නළුවෙක්.
 
ranveer 3
අද ප්‍රධාන ධාරාවේ නළු නිළියන් බොහොමයක් ද්වි- ලිංගික දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරනවා. ඔබ ඒගැන දෙවරක් සිතුවේ නැද්ද?
 
කිල්ජි කොහොමත් සෘණාත්මක නරක පුද්ගලයෙක්. මගේ පෞද්ගලික ජීවිතය තුළ මම කෙලින් මිනිහෙක්. ගොඩක් ප්‍රධාන ධාරාවේ නළුවන් මේ වගේ චරිතයක් කරන එකක් නැහැ. චිත්‍රපටය බැලුවම ඒක පැහැදිලියි. කෙනෙක් මට වරක් කිව්වා මම රඟපාන ආකාරයෙන් චරිතය වටහා ගත හැකි බව. නමුත් දැන් මම අභියෝග බාර ගන්න්න පෙළඹිලා. මුලින් බය වුණත් මට එය කළ හැකි බව සංජේ මහත්තයා විශ්වාස කළා. ඒ වගේම නළුවෙකු ලෙස මගේ ගමනට ඔහු විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ නිසා මම ඔහුට ගරු කරනවා. අප විසින් නිර්මාණය කළ දේ අමතක නොවන බව මට විශ්වාසයි. 
 
ප්‍රදීපා වීරසේකර 
Top