1150 x 80 px

 

කවිඳු චාමේන්ද්‍ර ඉලංගකෝන් සිසුවාගේ චිත්‍රපටයක් දිවයිනෙන් තෙවැනි තැනට

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා විජය පුවත්පත එක්ව සංවිධානය කළ "විදුලි අනතුරු වළකමු" දීප ව්‍යාප්ත විවෘත කෙටි චිත්‍රපට උළෙල 2017 තරඟය සඳහා ඉදිරිපත්වූ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විදුහලේ මාධ්‍ය අංශයේ (11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන) කවිඳු චාමේන්ද්‍ර ඉලංගකෝන් සිසුවා දිවයිනේ කෙටි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් අතරින් සමස්ත ලංකා සුපිරි 10 දෙනා අතරටත්, පසුගිය දා ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ පැවති ත්‍යාග හා සහතික ප්‍රදාන උළලේදී සමස්ත ලංකා "තෙවන" ස්ථානයත් හිමිකර ගන්නා ලදී.

විදුහලේ විදුහල්පති D. රණසිංහ මහතාගේ අධීක්ෂණය හා විදුහලේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය උගන්වන ඉනෝකා ගුණවර්ධන ගුරුතුමියගේ උපදේශකත්වය හා මාර්ගෝපදේශකත්වය යටතේ, විදුහලේ මාධ්‍ය අංශයේ සෙසු සිසුන්ගේද රංගන දායකත්වයෙන් මෙම කෙටි චිත්‍රපටය කවිඳු චාමේන්ද්‍ර ඉලංගකෝන් සිසුවා නිර්මාණය කර ඇත.

විශේෂයෙන් මෙම චිත්‍රපටයෙන් විදුලි අනතුරු සිදුවන අයුරු සහ වෛද්‍ය ප්‍රතිකාර සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද සමාජයට පණිවිඩයක් ලබා දේ.

විදුහලේ මාධ්‍ය අංශයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන මොහු මාධ්‍ය අංශයෙන් සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරග සඳහා විවිධ තේමා යටතේ කෙටි චිත්‍රපට සඳහා නිර්මාණ ඉදිරිපත්කර ජයග්‍රහණ ලබා ඇත.

Kavindu 1 web

- අජිත් ‍සෙනෙවිරත්න

Top