1150 x 80 px

 

මදුශාන්ත බණ්ඩාරගේ "138" එළිදැක්වීම 15 වනදා

මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය විසින් රචිත "එකසිය තිස් අට" නම් කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 පෙබරවාරි 15 වනදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

 

ලේඛක තිඹිරියාගම බණ්ඩාර, කථිකාචාර්ය චින්තක රණසිංහ, ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ලේඛක, මලික් තුසිත ගුණරත්න සහ ලේඛක ප්‍රනීත් චාරන මුරමුදලි එදින කතාබහට එක් වන අතර සත්සර වැයුම සංගීත ශිල්පී අවිශ්ක ලක්නාත්ගෙනි.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට මදුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය ආරාධනා කරයි.

Top