Untitled 1

එංගලන්තයේ 'බෙෆ්ටා' සම්මානයෙන් මුලු ලොවම හෙල්ලූ මාතර සුජාතා දියනිය

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති 70 වෙනි, BAFTA (british academy of film and art) චිත්‍රපට සම්මාන උළ‍ෙලේදි හොදම ක‍ෙටි සජිවිකරණ චිත්‍රපටය සදහා හිමි සම්මානය දිනා ගැනිමට අනුෂ්කා කිෂානි නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කල A LOVE STORY නම් ‍කෙටි චිත්‍රපටය සමත් වුවාය. මෙම සම්මාන උළෙල පෙබරවාරි 12 වැනිදා පැවැත්විණි.

 

ගුවන්යානා ඉංජිනේරුවෙකු ලෙස එංගලන්තයේ සේවය කර නැසී ගිය රත්න නානායක්කාර මහතාගේ හා අමිතා නානායක්කාර මහත්මියගේ බාල දියනිය ලෙස එංගලන්තයේ උපත ලද කිෂානි සිය මුුුලික අධ්‍යාපනය එන්ගලන්තයේදි ලබාගෙන සාමාන්‍ය පෙළ අධ්‍යාපණය මාතර සුජාතා විද්‍යාලයේදී ලැබුවාය.

ඉංග්‍රීසි භාෂා දින තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහන රැසක් එම පාසල වෙනුවෙන් දිනාදීමටද ඇය සමත් වූවාය. එවකට එම විදුහලේ විදුහල්පතිනිය වූ ඉන්ද්‍රානී වීරතුංග මහත්මිය ඇයගේ නැන්දනිය වූවාය.

ළමා කාලයේ සිට කලා කටයුතු කෙරෙහි විශේෂ දක්ෂතාවයක් දැක්වූ ඇය නැවත සිය උසස් අධ්‍යාපන කටයුතු සදහා නැවත එන්ගලන්තයට ගියාය.ඉන්පසු ලන්ඩන් කලායතනයෙන් සිය පළමු උපාධියලබා ගත්තාය.

ඉන්පසු බෙකන්ෆිල්ඩ් නගරයේ චිත්‍රපට හා රූපවාහිනි පාසැලට ඇතුලත්ව චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබද හදාරා ඇය විසින් ඉදිරිපත් කල මෙම චිත්‍රපටය විවිධ රටවලින් සම්මාන රැසක් දිනා ගැනිිමට සමත්ව තිබේ. BAFTA සම්මාන උළෙලට නිර්දේශ වූ ඇයගේ නිර්මාණය ප්‍රථම ස්ථානය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූවාය.

...........................

Top