Untitled 1

කම්කරු නීතිය හා නූතන වහල් ක්‍රමය" ප්‍රසිද්ධ සංවාදය 14 වනදා කොළඹ විශ්ව විද්‍යාලයේදී

" කම්කරු නීතිය හා නූතන වහල් ක්‍රමය" මැයෙන් ප්‍රසිද්ධ සංවාදයක් 2017 මාර්තු 14 වන අඟහරුවාදා සවස 3.00ට කොළඹ විශ්ව විද්‍යාලයීය 'සිලෝන්' ශාලාවේදී පැවැත්වේ. මෙහිදී කථිකයින් ලෙස

1- ආචාර්ය නිර්මාල් දේවසිරි ( සභාපති-විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය )

2-ආචාර්ය ඒ.සර්වේෂ්වරම් (කථිකාචාර්ය - නීති පීඨය- කොළඹ විශ්ව විද්‍යාලය )

3-ජීවන්ත නිශප්‍රිය ( සමස්ථ ලංකා විදුලි සංදේශ සේවක සංගමය )

4.සිල්වෙස්ටර් ජයකොඩි ( ප්‍රධාන ලේකම් - ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය )

5-නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ( ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය )

6-ඉෂාන් චාමර (ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය - කොළඹ විශ්ව විද්‍යාලය ) සහභාගී වීමට නියමිතය.

මෙම සංවාදයට එක්වන මෙන් 'ටෙලිකොම් මෑන්පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය - කොළඹ විශ්ව විද්‍යාලය' සැමට ආරාධනා කර සිටී.

Top