1150 x 80 px

මෑන් බූකර් ත්‍යාගයට හිමිකම් කියූ එකම ශ්‍රී ලාංකිකයා

ඉංග්‍රීසි බසින් පලවන හොඳම නවකතාව සඳහා වාර්ෂිකව බ්‍රිතාන්‍යයේ පිරිනැමෙන ප්‍රධාන සම්මානයක් වන මෑන් බූකර් ත්‍යාගය දිනූ එකම ශ්‍රී  ලාංකික සම්භවයක් ඇති ලේඛකයා  මයිකල් ඔන්දාච්චි ය. 1992 බුකර් සම්මානයේ සම ජයග්‍රහණය ඔහු ලියූ The English Patiant නව කතාවට හිමි විය. බ්‍රිතාන්‍ය ලේඛක බැරී අන්ස්වර්ත් එවර බුකර් ත්‍යාගය හිමිවූ අනෙක් ලේඛකයා යි.

කැනේඩියානු ලේඛක ඔන්දාච්චි, 1943 දී කොළඹ උපත ලැබූ අතර ඔහු සිංහල, දමිළ සහ බර්ගර් මිශ්‍ර පරම්පරාවකින් පැවත එන්නෙකි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ රොමේෂ් ගුණසේකර නිර්මාණය කළ Reef නව කතාවට 1994 මෑන් බූකර් ත්‍යාගය සඳහා අවසාන කෙටි ලැයිස්තුවට ඇතුලත් විය. 1954 දී කොළඹ උපත ලැබූ රොමේෂ් බ්‍රිතාන්‍යය පුරවැසියෙකි.

Top