1150 x 80 px

කසුන්ගෙන් 'නොසන්සුන් මොහොතක හීනයක්' 30දා මාතර දී

'සත්හඬ' පුවත්පත් මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2017 අප්‍රේල් 30 දින සවස 3.00ට මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම අවස්ථාවේ දී රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සහ විමල් කැටිපෙආරච්චි විසින් දේශන පැවැත්වීමට නියමිතය. සභාව මෙහෙයවීම සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි.

මීට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට කසුන් සමරතුංග ආරාධනා කර සිටී.

Top