Untitled 1

දීප්ති කුමාරගෙන් අලුත් වැඩක්

ශ්‍රී ලංකාවේ සති අන්ත ජාතික පුවත් පතකට පළමු වරට දාර්ශනික අතිරේකයක් හඳුන්වාදීමට දීප්ති කුමාර ගුණරත්න මහතා කටයුතු කර ඇත.

ID (අවිඥානය) ලෙස නම්කර ඇති එම විශේෂාංග ටැබ්ලොයිඩ් අතිරේකය අද (30) සිට 'සත්හඬ' පුවත්පත සමග ප්‍රකාශයට පත්වේ.  

'සත්හඬ' පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වන ගුණරත්න මහතා, 'පෙරටුගාමී පක්ෂයේ' නායකයා ද වේ.

මෙම දාර්ශනික විශේෂාංගය සම්බන්ධයෙන් අප  කල විමසීමකදී අදහස් දැක්වූ ගුණරත්න මහතා මෙසේ පැවසිය.

'' හුඟක් අය (මමත් ඇතුළුව) පසුගිය දශක දෙකේ ලොකු දේවල් කරන්න උත්සහ කරලා ඇනගත්තා. ඇයි එහෙම වුනේ කියලා කව්රුවත් හිතන්න ගියේ නැහැ. අපි ඒ ගැන හිතුවා. එතකොට තමයි තේරුනේ මිනිස්සුන්ට අවිඥානය කියලා දෙයක් තියනවා කියලා. මේ ගැන හදාරන්න අද ඉඳන් ID කියවන්න''

අද ID මෙතනින් කියවන්න

http://online.fliphtml5.com/fuqf/ozyo/#p=1

Top