Untitled 1

‘මියුසික් කියන්නෙ මල් වෙඩි නෙවෙයි' - යූරෝවිෂන් තරගයේ ජය වසර 53 කට පසු පෘතුගාලයට
යුරෝපාකරයේ පැවැත්වෙන විශාලතම සංගීත තරගය සහ සැණකෙළිය වශයෙන් සැලකෙන “යූරෝවිෂන්” තරගයේ මෙවර අවසන් මහා තරගයෙන් වසර 53 කට පසු ජය ලැබීමට පෘතුගාලය සමත් වී ඇත. පෘතුගීසි ජාතික 27 හැවිරිදි සැල්වදෝර් සොබ්රල් විසින් මෙම තරගය ජයග්‍රහණය කළේ සිය සොයුරිය විසින් රචනා කළ බැලාඩ් (Ballad) හෙවත් නෘත්‍ය සම්ප්‍රදායට අයත් ගී ගායනා කිරීම මගිනි. රෝගී තත්වයක් හේතුවෙන් පෙරහුරු අභ්‍යාසවලද නිසි ලෙස යෙදීමට අපොහොසත් වූ සැල්වදෝර්ගේ මෙම ජයග්‍රහණය ලොව පුරා සංගීත රසිකයන් කුල්මත් කිරීමට හේතුවී තිබේ.’
ජයග්‍රාහී කුසලාන දිනා ගනිමින් සැල්වදෝර් සොබ්රල් කළ කතාව ද අපූර්වත්වයෙන් යුතුය. ඔහු කීවේ මෙසේ ය. “අපි ජීවත් වෙන්නෙ ෆාස්ට් ෆුඩ් මියුසික් ලෝකයක. ඒ නිසා මේක සංගීතයේ ජයග්‍රහණයක්. මියුසික් කියන්නෙ මල් වෙඩි නෙවෙයි. මියුසික් කියන්නෙ මනුෂ්‍ය හැඟීම්වලට!”
 
මෙම තරගයෙන් දෙවන ස්ථානය බල්ගේරියාව දිනාගත් අතර, ලොව කුඩාම රටක් සහ මෑතකදී රාජ්‍යයක් වශයෙන් පිළිගත් මෝල්ඩෝවා රාජ්‍යය මේ තරගයෙන් තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වීම ද කැපී පෙනෙයි. මහත් බලාපොරොත්තු තබාගෙන සිටි “අයිල් නෙවර් ගිව් අප් ඔන් යූ” ගීතය ගැයූ එක්සත් රාජධානියේ ලුසී ජෝන්ස් හට හිමිවූයේ තරගයේ 15 වන ස්ථානයයි. රටවල් 26 ක් මෙවර යූරෝවිෂන් කුසලානය වෙනුවෙන් තරග වැද තිබිණ.
 
 
Top