1150 x 80 px

තරුණ සාහිත්‍ය වැඩමුළුව සැප්. 01 ගාල්ලේ දී - දැන් ම ලියාපදිංචි වන්න

විවිධ කලා ක්ෂේත්‍රයන්හි නම රැන්දූ විශිෂ්ඨයන් සමග යෞවනයේ අත්දැකීම් බෙදා හදා ගන්නට නූතන තරුණ පරපුරට අවස්ථාවක් දෙමින් සංවිධානය කරනු ලබන තරුණ සාහිත්‍ය වැඩමුළුව සැප්තැම්බර් මස 01 දා ගාල්ල බොනවිස්ටා මහා විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වයස අවුරුදු 16 ත් 35ත් අතර සාහිත්‍යයට කලාවට ලැදි තරුණ තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇති බව සංවිධායකවරු කියති. නොමිලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට කැමැත්තක් දක්වන තරුණ තරුණියන්ට ඒ සඳහා ලියාපදිංචිවන ලෙස ඔවුහු දන්වා සිටිති.

ලියාපදිංචිය සඳහා නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය හා ඔබ ප්‍රියකරනු ලබන සාහිත්‍ය ක්ෂේත්‍රය/ක්ෂ්ත්‍රයන් සඳහන් කර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත හෝ 0772480013 දුරකථන අංකයට පණිවිඩයක් එවන ලෙස ඉල්ලා සිටිති.

මෙම වැඩමුළුව සඳහා රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර, කපිල කුමාර කාලිංග, මහින්ද කුමාර දළුපොත, දිලීප අබේසේකර, ෂෙහාන් කරුණාතිලක, මාලින්ද සෙනෙවිරත්න, චූලාභය ශාන්ත කුමාර හේරත්, සුනේත්‍රා රාජකරුණානායක, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රජී වසන්ත වෙල්ගම, සමන් ලෙනින්, නදීක ගුරුගේ, ගාමිණී කුමාර විතාන, ඉනෝකා සත්‍යාංගනී ඇතුළු කලාකරුවන් රැසක් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සහභාගී වෙති.

Top