1150 x 80 px

ඇත්ත - මුහුලස කතිකාව 18 සවස බොරැල්ලේ දී

"ලංකාවෙ ආර්ට් එකට විචාරයක් මොකට ද" මැයෙන් 'ඇත්ත' පුවත්පත විසින් සංවිධානය කරන "ඇත්ත - මුහුලස කතිකාවෙහි" දෙවැනි අදියර ජූලි මස 18 වැනි දින සවස 03.30ට බොරැල්ල, සුගීශ්වර ශාලාවේදී (ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රය ඉදිරිපිට) පැවැත්වේ.

මෙහිදී එස්. ජී. පුංචිහේවා, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, එරන්ද මහගමගේ යන අය මූලික අදහස් දැක්වීම් සඳහා ඉදිරිපත් වන අතර චන්දිමා නිශ්ශංක, තිඹිරියාගම බණ්ඩාර, රෝහණ පොතුලියද්ද, විදර්ශන කන්නංගර, බූපති නලින් යන අය ද සංවාද මණ්ඩපයට සහභාගි වීමට නියමිතය.

සංවාදය මෙහෙයවීම සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි.

"ඇත්ත - මුහුලස කතිකාව" පළමු අදියරේදී පළවූ අදහස් ඇතුළත් පොත් පිංචක් ද මෙහිදී ලබා ගත හැකිය.

ලංකාවේ ආර්ට් එක සහ ලංකාවේ විචාරය ගැන අදහස් බෙදා ගැනීමට කැමති ඔබ සැමට විවෘත ආරාධනා...

Top