1150 x 80 px

කෝටිපති ශනිදාවෙන් කෝටි 10ක දිනුමක්

සංවර්ධන ලොතරැයියේ කෝටිපති ශනිදා ලොතරැයිය 200 වන දිනුම් වාරයේදී රුපියල් කෝටි 10ක දිනුමක් මහනුවර ප්‍රදේශයෙන් අලෙවි වූ ටිකට් පතකට හිමිව තිබේ. 

 

2017.10.10 වන දින දිනුම් අදින ලද කෝටිපති ශනිදා ලොතරැයියෙහි සුපිරි ජයමල්ල ලෙස රුපියල් 10,45,65,936ක දිනුමක් හිමිව ඇති අතර පසුගිය වසර එක හමාර තුළ බදුල්ල දිස්ත්‍රික්කයෙන් කෝටි 9.8ක දිනුමක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් කෝටි 8.1ක දිනුමක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් කෝටි 7.7ක දිනුමක් ද වශයෙන් කෝටිපති ජයග්‍රාහකයින් තිදෙනෙකු කෝටිපති ශනිදාවෙන් මීට පෙර බිහි කර තිබේ. 

සංවර්ධන ලොතරැයිය මඟින් වෙළඳපොලට නිකුත් කර ඇති ලොතරැයි අතරින් වැඩිම ආරම්භක සුපිරි ජයමල්ලක් හිමි ටිකට්පත වන්නේ කෝටිපති ශනිදා ටිකට්පතයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top