Untitled 1

ආසියානු-පැසිෆික් කලාපයේ වසරේ මුදල් ඇමතිවරයා රවී - 'ද බෑන්කර්' සඟරාව
ආසියානු පැසිෆික් කලාපයේ රටවල් අතර වසරේ හොඳම මුදල් ඇමතිවරයා මෙරට මුදල් ඇමති රවී කරුණානායක මහතා බව ද බෑන්කර් සඟරාව පවසයි. මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙරට ආර්ථිකය තුළ සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් සහ ආර්ථික මනෝභාවයන් වෙනස් කිරීම හේතුවෙන් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි.
වත්මන් මුදල් ඇමතිවරයා ධූරයට පත්වන විට මෙරට අයවැය හිඟය 7% ක් ලෙස සටහන් වූ අතර එය 2016 වසර වනවිට 5.4% ක් දක්වා අඩුකර ගැනීමට සමත්ව තිබෙනවා. මීට අමතරව මෙරට ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදල් ලබාගැනීමට හැකිවීම, ද බෑන්කර් සගරාව මෙම තෝරාගැනීමේදී සලකා බලා තිබෙනවා.
 
ලෝක ආර්ථික හා මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රකාශනයක් වන ද බෑන්කර් සඟරාව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ප්‍රකාශයට පත් කරන්නකි. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top