1150 x 80 px

රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ ප්‍රතිවිපාක යහපත් ද? අයහපත් ද?

රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමට ආණ්ඩුව සැරසෙමින් සිටි බවට ප‍්‍රවෘත්තියක් පුවත්පතක පළ වූ විට, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එයට විගස ප‍්‍රතිකාර දැක්වීය. ඔහු මාධ්‍යයට ප්‍රකාශ   කලේ සහ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ඉහළ නාමික අගයන්ගෙන් යුත් නෝට්ටු අවලංගු කිරීම මගින් ඉන්දියාවේ හට ගෙන ඇති ප‍්‍රතිඵලවලට සමාන තත්වයක් ශ‍්‍රී ලංකාවේ ඇති නොවීමට වග බලාගත යුතු බවයි. ශ‍්‍රී ලංකාවේ දුර්වර්ණ ආර්ථිකයේ ප‍්‍රමාණය (කිසිදා බදු අය නොකරන හෝ කිසිදු රාජ්‍ය යාන්ත‍්‍රණයකින් අධීක්ෂණයට ලක්නොවන කොටසක් සහිත ආර්ථිකයක්) අති විශාලය. රටක දළ දේශීය නිෂ්පාදනයට විධිමත් ආර්ථික කි‍්‍රයාකාරකම් ඇතුළත් වුව ද අවිධිමත් ආර්ථිකයක කි‍්‍රයාකාරකම් ඇතුළත් නොවේ. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙකී අවිධිමත් ආර්ථික කි‍්‍රයාකාරකම් සමස්ත ආර්ථිකයෙන් 40% ක් පමණ වේ යැයි ගණන් බලා ඇත. මෙවැනි තත්ත්වයක් බදු අයකර ගැනීමේ සඛ්‍යතාවය හා බදු අාදායම පහළ යන බවට විවාදයක් ඇත. තවද මෙහිදී සමස්ත සුබසාධන වියදම අඩුවන්නේ රටේ සුළු පිරිසක් අතර ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බෙදී යන බැවිනි.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, සංවර්ධනය සඳහා යෙදවීමට ඇති මුදල් සුබසාධන කටයුතු සඳහා යෙදවීමට ආණ්ඩුවට සිදුවෙයි.  ඒය දළ දේශිය නිෂ්පාධිතයේ වර්ධනයට ප්‍රධාන අභියෝගයක් බවට පත්වනු ඇත.  ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, රුපියල් 500 සහ 1000 නෝට්ටු සියල්ලම සංසරණය වීම නතර කර දැමුවේ මේ හේතුව නිසා විය හැක. ඔහුගේ පක්ෂය මුල සිටම මෙය හැඳින්වූයේ එය කලූ මුදල් වලට එල්ල කරන ප‍්‍රහාරයක් වශයෙනි. ඉන්දියාවේ සංසරණය වන මුදල්වල අගය අනුව සැලකූ විට එයින් 86%ක්ම සමන්විත වන්නේ රු.500 සහ රු.1000 නෝට්ටුවලිනි. තවද එය උපරිම සහ වඩාත්ම ජනප‍්‍රිය ව්‍යවහාර නාමික මුදල් නෝට්ටු ද වේ. එම මුදල් නෝට්ටු අවලංගු කිරීම පිළිබඳව අන්තර්ජාතික මාධ්‍ය තුළ ප‍්‍රශංසාවට මෙන්ම විවේචනයට ද ලක් වී ඇත. ඉන්දියාවේ ජනතාව ද මේ සම්බන්ධයෙන් ඒබඳු මතයක් දැරූහ.  ෙකෙස් ෙවතත් නිරීක්ෂකයන්ට අනුව ඒය ඉන්දියාවේ ආර්ථිකයට වඩාත් ධනාත්මක බලපෑමක් සිදුවී අැත. මන්ද යත්, දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඉහළ ගිය අතර, බැංකුවල මුදල් තැන්පත්කිරීම 10%කින් ඉහළ ගියේය.  එහෙත් මෙම පියවර පොදු ජනතාවගේ ජනාදරයට පාත‍්‍ර නොවූයේ ඉන්දියානු ආර්ථිකය ව්‍යූහගත වී තිබෙන ආකාරය සහ එය කි‍්‍රයාවට නැංවෙන ආකාරය අනුවයි.
මේ සම්බන්ධ ශ‍්‍රී ලංකාවේ ඉලක්කය රු.5000 නෝට්ටුව පමණක් වීම ආර්ථිකයට එතරම් හානිදායක නොවේවිද යන්න විවාදාත්මක ගැටළුවක් වී ඇත. ප‍්‍රායෝගිකව, අවිධිමත් ආර්ථිකයක් විධිමත් ආර්ථිකයක් බවට පත් කිරීම හෙවත් අනුකලනය කිරීම ඉතා වැදගත් ප‍්‍රතිපත්තිමය වෙනසක් වන්නේ, ආණ්ඩුව කෙරෙහි පවතින අඩු විශ්වාසය සහ බදු පැහැරහැරීම දුර්වර්ණ ආර්ථිකයක් තුළ ව්‍යාපාර කිරීමට ජනතාවට බල කෙරන ප‍්‍රධාන කාරණා අතර පවතින බැවිනි.

ව්‍යවහාර මුදල් අවලංගු කිරීම
අප රු. 5000 නෝට්ටුව අවලංගු කළ යුතුද? අරමුණ දූෂණයට වැට බැඳීම, දේශපාලන කි‍්‍රයාකාරකම්වලට වැට බැඳීම සහ හොර මුදල් නෝට්ටු හරහා සිදුවන වෙනත් කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් නතර කිරීම නම් එය එසේ කළ යුතුය. එමගින් දුප්පතුන්ට ප‍්‍රබල ලෙස බලපාන උද්ධමනයේ සහ ආණ්ඩුවේ බදු ආදායම් අහිමි කරන ප‍්‍රධාන බාධකය වන වන දුර්වර්ණ ආර්ථිකය අවම කළ හැක. එපමණක් නොව, රට තුළ අත්පිට මුදල් සංසරණය වීම ද එමගින් අඩු වේ. බොහෝ දූෂිත කි‍්‍රයාකාරකම් සහ නීතිවිරෝධී ගනුදෙනු සිදුවන්නේ අත්පිට මුදල් මගිනි. එසේම මෙමගින් මිනිසුන්ගේ අව්‍යාජ ආදායම් හෙළිකර ගත හැකි වන අතර, බදු මුදල් අප‍්‍රමාදව ගෙවන යම්කිසි කුලකයකට ඒවා අයත් වීමට ද එමගින් මග සැලසේ. වර්තමානය වන විට රටේ ජනතාවගෙන් ආදායම් බදු ගෙවන්නේ 5% ක් පමණි. එපමණක් නොව ශ‍්‍රී ලංකාව දූෂණයට එරෙහි සිය සටනේදී ක්‍රියා කර ඇත්තේ ද ඉතා දුර්වල ලෙස ය. එනම්, 2016 වසර තුළ සෙසු ආර්ථිකයන්ගේ දූෂණ මට්ටම් සන්සන්දනය කරන ප‍්‍රධාන දර්ශකය වන දූෂණ සංජානන දර්ශකය සඳහා 2014 මැදභාගයේ සිට 2015 මැදභාගය දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 38 ක් වන ඉතාම අඩු ලකුණු ප‍්‍රමාණයකි. මේ අතර 2015 මැද භාගයේ සිට 2016 මැද භාගය දක්වා ආවරණය කරන 2017 දර්ශකය පෙන්වා දෙන්නේ එම ලකුණු ප‍්‍රමාණය 30 දක්වා පහළ වැටී ඇති බව ය. මෙය මෙසේ සිදුවී තිබෙන්නේ දූෂණය සමග සටන්වැදීම පිණිස අප විසින් 2015 වසර අගභාගයේදී ආයතනයික ව්‍යූහයන් ශක්තිමත් කර තිබියදී ය. මෙයින් පෙනී යන අන්දමට, දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර තවමත් සාර්ථක වී නොමැති බව ය.

විකල්ප
බටහිර කලාපයේ බොහෝ අය සිතන්නේ යම් යම් බැංකු නෝට්ටු අවලංගු කිරීම මගින් යම්කිසි අපහසුතාවයක් ඇති වුවද එය ගැටලූවක් නොවන බව ය. එයට හේතුව, අති බහුතරයක් දෙනාට බැංකු ගිණුම් තිබීම සහ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඞ් තිබීමයි. නමුත් දකුණු ආසියාව සම්බන්ධව එය ඉතාම වෙනස් තත්වයක් බව දැක්විය යුතුය. දිළිඳු බවේ රේඛාවට පහළින් සිටින බහුතරයක් දෙනා තවමත් බැංකු ක‍්‍රමය  සුඛෝපභෝගී දෙයක් ලෙස සලකියි. මූල්‍ය අන්තර්ග‍්‍රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පරිශ‍්‍රමයන් දරනු ලබන්නේ වුවද, බහුතරය තවමත් භාණ්ඩ හා සේවා සඳහා ගෙවනු ලබන්නේ නෝට්ටු සහ කාසිවලින් පමණි. බැංකුකරුවන්ට අනුව, ශ‍්‍රී ලංකාවේ සිදුවන ගනුදෙනුවලින් 50% ක් පමණ අත්පිට මුදලින් සිදුවන බවට සැලකේ. සේප්පුවල මුදල් සංචය කරගෙන සිටිනවුන් සහ අත්පිට මුදලින් පමණක් ව්‍යාපාර කරනවුන්ගේ පැවැත්ම සඳහා එසේ වීම අත්‍යාවශ්‍ය ය. ඩිජිටල් බැංකුකරණය සහ දුරකථන සමාගම් ද මේ අභියෝගයට දායක වී තිබෙන්නේ ජනතාවට පහසුවෙන් පැමිණිය හැකි ස්ථානවල සාප්පු විවෘත කර, සිය විද්‍යුත් මුදල් රිසි පරිදි පරිහරණය කිරීමට ජනතාවට ඉඩ දීම මගිනි. ඇතැම් ව්‍යවහාර මුදල් අවලංගු කිරීම මගින් නොවැළැක්විය හැකි ලෙස ෙමම පිළිවෙත මන්දගාමී විය හැකි බව සත්‍යයක් නමුත් එම කි‍්‍රයාව රට තුළ නව ආර්ථිකයක ඇරඹුම වනු ඇත. මූල්‍ය අන්තර්ග‍්‍රහණය පමණක් නොව ඩිජිටල් ලෝකය තුළ ගනුදෙනු සිදුකිරීමේ වාසි පිළිබඳ රටේ ජනතාවට අධ්‍යාපනය ලබාදීමට ද එය උපකාරී වනු ඇත. දේශීය පුද්ගලික බැංකු ද, අත්පිට මුදල් හැසිරවීමේ අධික වැයබර සැලකිල්ලට ගනිමින් මෑත කාලයේ තමන්ගේ සියලූ පාරිභෝගිකයන් දිරිමත් කරමින් සිටින්නේ අන්තර්ජාලය සහ ෙමාබයිල් බෑන්කිං පහසුකම්, අඩුම වශයෙන් දීර්ඝකාලීන ව හෝ භාවිතා කරන ලෙසට ය. මන්ද යත් එය, භෞතික වශයෙන් පවතින ව්‍යවහාර මුදල් මත ඇතිවන පීඩනය සැහැල්ලූ කරන නිසා සහ, ආදායම් අනුපාතවලට ඒවායින් ඇතිවන අනිසි බලපෑම අඩුකරන බැවිනි.


- දිනේෂ් වීරක්කොඩි -

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top