Untitled 1

අඛණ්ඩව එකොළොස් වැනි වරටත් ජනතා ප්‍රසාදය මහජන බැංකුවට

ලොව ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) එක්ව වාර්ෂිකව පවත්වන ස්ලිම් නීල්සන් ජනතා සම්මාන 2017 උළෙලේදී වසරේ වඩාත්ම ජනහද දිනූ සේවා නාමය සහ වසරේ බැංකුසේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍රවීමට නොකඩවා එකොළොස් වැනි වරටත් මහජන බැංකුවට හිමිවිය.



බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පසුගියදා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

මහජන බැංකුව රුපියල් ට්‍රිලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනයයි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා ප්‍රමාණය 735 කට අධිකය. දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay සේවාව සමග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,125 කි. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාරුවන් සංඛ්‍යාව වේ. ඔබේ ඉතුරුම් සඳහා රාජ්‍ය බැංකුවක් සතු පූර්ණ ආරක්ෂාව ද හිමිවේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.peoplesbank.lk යන වෙබ් අඩවියෙන් හෝ @peoplesbanksrilanka යන ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ද ලබාගත හැක.

එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර, මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හඳුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරිමේ සහ බිල්පත් ගෙවීමේ පහසුකම් ඇති නවීන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මුදල් තැන්පතු සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍රවල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.

එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් 'Peoples Green Pulse' නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද ක්‍රියාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය බැංකු විසඳුම් සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, මහජනයාගේ බැංකුව ලෙස ඉදිරි මගට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top