Untitled 1

දළඳා මාලිගාවේ කටයුතුවලට ටෙලිකොම් අනුග්‍රහය

ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑතුන්වන ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ ටාජ් මහල් පවා අභිබවායාමට හැකියාට ලැබුණේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිත කිරීම යැයි ද ඒ මහතා කීවේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණික ව්‍යාපෘතිය සදහා ආධාර ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ශ්‍රී දළදා මාලිගාවේ රන්ආයුධ මණ්ඩපයේදී සිදුවිය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත එහි මූල්‍ය අනුග්‍රාහක ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ සභාපති කුමාරසිරි සිරිසේන මහතා විසින් භාර දෙන ලදි.

ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු තාක්ෂණ වැඩසටහන් සඳහා ටෙලිකොම් හා මොබිටෙල් ආයතනයේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක වන අතර එය තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය.

ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරීත්වයවත් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙඩි අඩවි පරදවා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. තොරතුරු තාක්ෂණ දියුණුව හා පරිපාලනය නිසා ශ්‍රී දළදා මාලිගාවට  ලොව ප්‍රසිද්ධ ටාජ් මහල් වැනි සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන පවා පසුකාර ප්‍රසිද්ධ බෞද්ධාගමික සිද්ධස්ථානයක් බවට වැජඹීමට හැකියාව  ලැබුණු බව ද ඒ මහතා කීවේය.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේ දී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත් එහිදී නව තාක්ෂණය වැඩි වශයෙන් උපකර කර ගන්නා බව ද ඒ මහතා සදහන් කළේය
තොරතුරු තාක්ෂණික ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ජ්‍යේෂඨ සාමාන්‍යාධිකාරී සුදර්ශන ගීගනගේ මහතා, සාමාන්‍යධිකාරී ඉසුරු දිසානායක මහතා, ප්‍රධාන පරිපාලන නිලධාරී වජිර පෙරේරා මහතා ද මේ අවස්ථාවට එක්විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top