Untitled 1

ලියාපදිංචි බැංකුවල අවම ප්‍රාග්ධනය ඉහළ නැංවේ!



2017 ජුලි මස 01 වෙනි දින සිට මහබැංකුවේ ලියාපදිංචි බැංකුවල අවම ප්‍රාග්ධන ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.



මෙසේ කර තිබෙන්නේ බැංකුවල ප්‍රාග්ධනය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ශක්තිමත් වී බැංකුවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමටයි.

එය සිදුකරනු ලබන්නේ අන්තර් ජාතික පියවීමේ බැංකුව (BIS) නිකුත් කළ බාසල් III තෝලනය හා ද්‍රවශීලතාවය පිළිබඳව මාර්ගෝපදේශනයන්ට අනුකූලව වේ.

එ් අනුව 2019 ජනවාරි 01 වන විට සම්පූර්ණ කළ යුතු ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ජාත්‍යන්තර කාලරාමුවට අනුකූලව අදියරයෙන් අදියරය සිදුකරනු ඇත.

එහිදී රුපියල් බිලියන 500 වැඩි වත්කම් ඇති බැංකු වත්මන් 10% මට්ටම 14% දක්වා වැඩි කෙරේ. මේ යටතේ බැංකුවලින් 71% ක් අයත් වේ.

රුපියල් බිලියන 500 ට අඩු වත්කම් ඇති බැංකු සියළුම තම ප්‍රාග්ධන වත්කම් 10% සිට 12.5% දක්වා ඉහළ නංවනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top