1150 x 80 px

‘දළඹු ප්‍රේමය' - සුරේඛා සමරසේන

තටු ලැබුණු පසු නුඹ ට
මට මගේ දළඹුවා අහිමි විය
ඉතින් මට තටු කොහෙද
නුඹේ අහසට එන්න...

දනිමි මම - මතුවටත්, මම අයිති පොළොවට...

මලින් මල ඉගිලෙමින්
අහසෙහි ම ගැවසෙමින්
වර්ණවත් පියාපත් විහිදමින්
ගෙවනු මැන...! සොඳුරු ‘සමනළ සමය...‘

දනිමි මම - අහස යනු පාවීම බව...

තටු වල දිලෙන වයිවර්ණ
වෙනුවට - කටුක දැලි බූව
සියොලග වැකුණු සමයෙක
මතකයන් , මතුයෙ නොතැවෙන්න...!

දනිමි මම - නුඹ නැවත ‘දළඹුවෙකු නොවන‘ බව...

Top