1150 x 80 px

වසන්තය කියන්නේම රැවටිම - නිලුෂා ඩිලානි බොතේජු

දුක හිතෙන දවස් තියෙන වග
ගහකට උනත් අමතක උනාට
ඉදහිටක සතුට විදි
ගිම්හානය දන්නවා හොදටම
සතුට එක්කම දුකත්
අත්වැල් බැදන් එන විත්තිය

අනන්ත මල් අතර
නුඹ හිනයක් වගේ පාවෙනකොට
පර මල් උනත් ඉකිබිදින වග
දන්නවා ගසක් පාමුල
ඒ නිසයි බලා උන්නෙ
මොනවාත්ම නොකියාම

ඉදහිටක ගී ගයන කොවුලා උනත්
හැමදාම නොයෙන වග කියන කපුටිය
ඉවසනවා රැවුම් ගෙරවුම්
ජිවිතේ හැමදාම එතැන හින්දාම

වසන්තය කියන්නේම රැවටිම
ලස්සන කතාන්දර අස්සෙම
ගිම්හානයක නැවතිම ............

ඉතින් කොහොමද කියන්නේ ඔබ
දවසක වසන්තය එනවා කියලාම

Top