1150 x 80 px

පියවි සිහියෙන් තනියෙමද........? - වින්ද්‍යා ආරියරත්න

වැනි වැනී නොවැටෙන්න තතනන
දිව පටළැවී හදවතට පිහි තුඩු වීසිවන
කඳුළු අතරින් බොඳව යන රුව,
එක්තරා බොළද යුගයක
උමතුවක් වී හිතේ රජ කළ
මගේ සිහිනයමද…….

තද නියගයක් මැද වැස්ස ළඟ පාතක ඇත්ද…….
හීන දළු ලා පූදින්න පොළව රළු වැඩි බව ඇත්ත….
ජීවිතේ ගිරිදුර්ග මග දෙපස තාම මල් නොපිපුණ එක ඇත්ත…
සුළගෙ දඟපෑ පියාපතකට ජීවිතේ බර කන්ද වාවන්න බැරිබව ඇත්ත…..
ඒ උනත්……
ප්රේමයේ මත සිඳුණු වග
අදහන්න පුළුවනිද…..?

හදවතක ඇණුනු කටු සීරුවට ගළවනා
ඉමිහිරිම සීතකින් රිදෙන හිත නළවනා
ආදරය මිහිරි මීවිතක් වග
කෙඳුරුවේ නුඹ නොවෙද ?

දැන් නෙවේ,
වෙන වෙලාවක
ආදරෙන් කියා දෙනවද
හීන බිඳුනේ නුඹෙ විතරමද……?
නාය යන හීන කඳු පාමුළ
පියවි සිහියෙන් මම තනියෙමද........?...

Top