1150 x 80 px

අභිසාරිකාව - මල්ලිකා එම්. බණ්ඩාර​



ළදරු කිරි සුවඳ තැවැරුන හඳුන් පොත දිහා
රාගයෙන් මුසපත්ව ගිනි පුළිගු නෙත් අයා

බැලුම් හෙලනා කෙනෙහි
හිතට නැඟුනේ නැද්ද​ මිනිසුනේ;
තවත් එක ගැහැණියකම​ නොවේ
මවක​, සොයුරියක​, දියණියක, බිරිඳක​ කියා මම​?

රාගයේ ගිනි කන්ද පුපුරුවා ලන පිණිස​
නිවී යන හීන් ගිනි පුළිගුවක් වී මෙලෙස
ඔට්ටූ අල්ලන්නෙ නැති සල්පිලේ
තුට්ටු දෙකකට විකුට මගේ ගත උණු රුහිරු
අසරණව​ ඉකි බිඳී ගැහැණුකම මා අසල

Top