1150 x 80 px

සඳක් සහ හදවතක් - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න

එකෝමත් එක සඳක් ඇත 
මහ පොළොව දෙස නොබලන.....
සිනාවක් මුව තවරන්
තරු පොකුරු මැද බබළන.....

 

තවත් එක හදවතක් ඇත
මහ පොළොව මත ලතැවෙන....
ළං වෙන්න බැරි තරමට
අහස දුර බව දැනගෙන.....

විඩාපත් ගීතයක් ඇත
නිතර හදවත මුමුණන.....
සඳත්, ඒ හදවතත්
අතර හිස් ඉඩ පුරවන.....

Top