1150 x 80 px

මම යනු - මල්ලිකා එම්. බණ්ඩාර



තිඹිරි ගේ තුළදීම​
කටකලියාව ලා, පතුල ලාඩම් ගසා
වැඩිහිටියෝ, මා අස්පයෙකු කළෝය.​


සංස්කෘතිය, මා පයට විලංගුව දැමුවාය​
ආගම, මා පෙට්ටියකට දමා වැසුවාය​
Politics, මගෙ නැණස​ වර්ණාන්ධ කළේය​
සමජය, බැංචියට නැඟ, මා විත්ති කූඩුවේ ලැව්වාය​.
ගැහැණියක වියයුතු වියේදිත්
වැඩිවිය නොපත් දැරියකවූ මා ලවා,
යෝධ දරුවන් වදන තෙක්
තරු ගැණ නැකත් හදන්නට බලා සිටියාය.
ඉතින්, මම යනු:
නිදහස්ව ඉපදුන මුත්
සිරකරුවෙකුටත් අන්ත දුක් වළඳා
අන්ධයෙකුසේ මියදීමට නියමිත,​
ලොව සොඳුරු බව නොවිඳි
පියාපත් බිඳ දැමූ කිරිල්ලක වෙමි

Top