1150 x 80 px

බෞද්ධයිනි නැගිටිව් ! බුදු දහම බේරා ගනිව් !
ඝාතකයන්ට  කඩෙ  යයි    නැතුවම         සිවුර​
දූෂකයන්ට  හිඟමනෙ  යන්නෙත්             සිවුර   
සරණාගතයන්ට  බැට  දෙන්නෙත්           සිවුර 
දෙමළු   මරන්නට   පැන්   වැඩුවා              සිවුර​
කුළමල  අනුව   හතරට   බෙදුනත්           සිවුර 
ජාතින්  අනුව   බලයට    රැහැණියි           සිවුර​
මැරයන්  එන්නේ  පෙරමුණ  කරගෙන     සිවුර​
නිෂ්මි, බාලෙ  ගිය  මඟ  යනවලු                සිවුර
 
සාමණේරලා  ගේ        ගලවා                      සිවුර​
නෙක නෙක අපචාර කරනව  ලොකු         සිවුර​
සිපිරි   ගෙවල්   පිරීලා    ඉන්නව                 සිවුර 
බැහැ  වෙන්  කරගන්න  අද ගිහියොයි       සිවුර​
 
පාලකයන්ට  නැතිවම  බැහැ  වගෙ          සිවුර​
පාලනේට   එන්නට   ඔරුවකි                    සිවුර​
රුක්ක  මූළ​, ආරන්නේ  හිටි                       සිවුර​
ගමරාළගේ  වංගෙඩි    වාගෙයි                 සිවුර​
 
අන්  ආගම්වලට  බැට  දෙන්නෙත්           සිවුර​
ජාතික   සංහිඳියාව  වනසනවා               සිවුර​
වියවස්ථාවෙ  මුල්තැන ලැබුනම               සිවුර​
ගෞරවෙ   රැකෙනවද   නාහිමියනි         සිවුර​
 
බුදු   හිමියනේ   ගලවා   මුන්   ගේ            සිවුර​
රැක  දෙනු   මැනවි   ඔබගේ  නිර්මල       සිවුර 
එහෙම නැති වුනොත් රැක ගන්නට         සිවුර​
වැඩි ඈතක නොවේ ගලවන දින               සිවුර​
 
- කොත්ති -
Top