1150 x 80 px

ඒ දවස් ඉගිළුණිද ? - උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක

ප්‍රේමිය
එතරම් ඉක්මනට
අවසන්ද 
අප ප්‍රේම අල්ලාප සල්ලාප

 

පෙර දිනෙක නිදි වරා කතා කල
නොලැබුනොත් ඇමතුමක් 
මුහුණ එල්ලා ගෙන හඬන
ඒ දවස් ඉගිළුණිද ඉක්මනට

යුතුකමක් ලෙස අසනවා හැර
ප්‍රේමය බිඳක්වත් නැතිය
කෙටිම කෙටි 
අල්ලාප සල්ලාප වල
නුඹ අකමැති ලෙසින් තොල් මතුරන

මෙතරම් ම කුඩා ද 
නුඹ කියු මහානර්ඝ ප්‍රේමය.....

Top