1150 x 80 px

සුජාතා ... - චමනි ප්‍රේමතිලක

ගලේ ගහලා අතුල්ලනකොට
කමිසෙ ලිප්ස්ටික් පාට මැකුණද සුජාතා

 

තෑගි දුන් මිල අධික විලවුන්
යලිත් හරවා එව්වෙ නුඹටයි සුජාතා

හිමි අහිමි දෛවයේ වරදට
සමා වෙන්නට කියන් නෑ මං සුජාතා

කවන බව දැන දැනම ඔහු මට
හෙටත් වැඩිපුර බත් බඳිනවද සුජාතා

Top