1150 x 80 px

චේ සහෝ අපි තාම හෝඩියේ - ප්‍රභාත් කුමාර දේශප්‍රිය

කටු අකුල් මර උගුල් මඟ අරින සවිය දෙන
මාලිමාවක් අහිමි පරපුරට මඟ කියන
රතු අහස අතරමැද නිවාලූ සඳ පහණ
අවුරුදුම පණහක්‍ ය, උඹ ගිහින් සොයුරාන..

 

කඳු ගැසුණු මිනී අස කුදු ගැහුණු මිනිසුන්ය..
අයුක්තිය බොරුව ලඟ දිව ගිළුණු ගිරවුන්‍ ය..
සභාගේ සයුර මැද අවුරෝරා නැව සුන්‍ ය
පෝස්ටරයක ඇලී; උඹ ඉතින් සන්සුන්‍ ය..

ගොඩනැගුව මහ ගෙදර කර බිමට සමතලා..
සොහොයුරෝ වෙන් වෙලා සතර අත විසිරිලා..
ඇබිති ගල් ගුහා වල රතු කමිස අන්දලා..
ඔව්, මෙහෙත් ඉන්නවා මාරියෝ මොන්ජෙ ලා..

බොලිවියා කඳු පන්ති වලට වැඩියෙන් ඉතා..
වර්ගවාදී පන්ති මෙහෙත් බෝමයි පුතා..
ලේ වලට ඉව කරන ජාතියක කට කතා..
දෙමළු නෙවි මුස්ලිම්ලු දැන් "අනෙක් යුෂ්මතා"..

තිස් වසක සාප ලත් යුද බිමක දස අතේ..
සිංහලද මුස්ලිම්ද දෙමළ කඳුළැලි වෙතේ..
මොන්කාඩා බැරැක්කෙට මල් පුදන රටතොටේ..
හාල් පොල් දෙසීයයි දන්නවද ? මුතු ඇටේ..

සියෙරාව පරයන්න කෝටියක් මත තියේ..
දාර්ශනිකයෝ ගිලෙයි නකහවසු ගං දියේ...
යුනිකෝඩ් විප්ලවය ඇවිලුණත් තිස් පැයේ..
චේ සහෝ අපි තාම මේ බිමේ හෝඩියේ..

Top