1150 x 80 px

ප්‍රේමයක සලකුණු - දිනූ රාජගුරු

නැම්මක සරල රේඛාවක චාපයක
රවුමක තුන්හුලස් මුල්ලක දාරයක
ඇදයක කොම්බුවක කැරකුණු රේපයක
අත් සලකුණු සොයමි ඉඳහිට ප්‍රේමයක

 

නෙරුමක දෙණිබිමක පතනක සානුවක
නිම්නෙක ගිරිහිසක ලැහැබක බෑවුමක
අතහැර දමා ආ නුවරක වීදියක
හෙවණැලි තාම ඇත පපුවේ සීරුමක

පද පේලියක උපමාවක රූඪියක
ස්වරයක සුළුමැදුම් දෙතිතක රාගයක
පිපුරූ කැබලි අමුණා පෙර හාදුවක
සමකය ඔතමි තෙත ග්ලැසියර වාටියක

Top