1150 x 80 px

ඔබට මතකද​? - මල්ලිකා එම්. බණ්ඩාර​

සැඳෑ අඳුරට එලා පිරුවට
නිලා මල් එළි සිළුව දල්ව​න​
කලාමැදිරියො මවන සිතුවම්
බලා හිටියා ඔබට මතකද​?



පිපී හිනහෙන තරු පොකුරු යට
මා වවුල් පෙරහැර ඇදෙන විට​
ඇහැළ සෙවනේ ළවැලි මත හිඳ​
​තරු ගැනපු හැටි ඔබට මතකද​ ?

වළා විරහිත අහස හැඩ කර​
එබී බලනා තුරුම පුර හඳ
ළමා විය නම් සොඳුරු උයනේ
කවි කියපු හැටි තවම මතකද​?

ලොවට රහසින් පිපෙන පරවෙන
සුවඳ කඩුපුල් මලක දැවටුන
මඳ​ පවන් රැල් කණට මිමිණූ
ඒ සැඳෑවත​ ඔබට මතකද​?

Top