1150 x 80 px

දිය සුළි - MKCP ශෂීන්

උද්‍යානයක කෙලවර
එක තටුවකට බරව සිටී
කුඩුවෙන්න පැනි බීපු
තලතුනා වියේ බඹරෙක්

 

පෙරදා වහැපු වැස්සට
මල් අතු වහලෙ
හිල් නිසා තෙමුනු පියාපත් වේලන
මැසින්නක්

වෙනස් කුල වල
දෙඇස් මුනගැහුනම
බොහෝවිට පරමානු
පිපුරුමක්

නියම් අනියම් වේවා
ප්‍රේමයක් කියන්නෙම
පපුව හාරා කිඳා යන
පිහි තුඩක්

අතු ගංගා දෙකක්
එක්වනවානම් කොහොමත්
එතන හැදෙනවා දිය සුලි
දෙක තුනක්

Top