1150 x 80 px

රේල් ගේට්ටුව - උපේක්ෂා ඉමාලි

රේල් ගේට්ටුව
කෝච්චිය එනකම් බලාගෙන
සියළුම වාහන නවත්වන
කොණ්ඩය හදන
සුවදැති ප්‍රේම පත්‍රය
පිටුපසට කොට අල්වාගෙන
එබි එබී අනන්තය බලන

 

ඈ එනවා දැයි
රේල් පාරෙන් අහන
තවත් මොහොතකට පසුව
කෙටි පණිවිඩ ලැබෙන
"අද එන්න වෙන්නෑ වස්තු
මෙන්න ඒ වෙනුවට තොත්තු"

රේල් ගේට්ටුව
දැඩි සුසුම් හෙලන
හදවතේ වැයෙන ආදර සීනු නවත්වා
ඕනවට එපාවට පාරෙන් අයින් වෙන

Top