1150 x 80 px

නොවැම්බරයේ බෞද්ධයා - උදය ආර්. තෙන්නකෝන්

අපි අපේම කරගත්
බුදුන්ගේ නෑයෝ
පසළොස්වක සඳ වගේ
ශාන්තිය ඇත්තෝ

 

අසල්වැසියාට ගරු කරන්නෝ
අපි සිංහල බෞද්ධයෝ
කරුණාව මෛත්‍රිය ආදරය දන්නෝ
ඒ බැවින්ම අනෙකාගේ අයිතියට හිස නමන්නෝ

අපි බුදුන්ගේ නෑයෝ
අපි බුදුන්ගේ දරුවෝ
අපි බුදුන්ගේ අනුගාමිකයෝ

උතුර හිමි අසල් වැසියෝ
ඉතිහාසගත මිතුරෝ
නුඹලාගේ මතකයන්
දුක් කඳුළු වේදනා දැනෙන්නෝ
ඔබ සමරමින් දල්වන පහන්
අප සිත් ද පහන් කරන්නෝ

අප කුමට ඒ දෙස
වෙනත් ඇස් වෛරයෙන් දවන්නේ
අපට මෙන් ඔබට ද
ඔබට මෙන් අපටද
මේ බිම සම බිමක් බව
බුදුන් පල් බුදුන්මය කියන්නේ
විශ්වයට ලෝ පතල කරුණාව පාමින්

Top