1150 x 80 px

ප්‍රේමයේ පිරියම් - ධරණි උපේකා වීරසේකර

ගැස්සි ගැස්සී නික්මෙන
දුම්රියේ කවුළුවෙන් සුරත පා
පොයිට්ර වාරේන්
කියා මුමුණනකොට
ගැස්සුණා මගේ හිත
කෝච්චියටත් වැඩියෙන්
වෙඩි වැදුණු හීන මත
ප්‍රේමයේ පිරියම් තවරන්න
පිච්ච මල් වැලක් සේ
නුඹ ඉන්න ඉහ අද්දර
කැඩි කැඩී දෙමළෙන්
නේසික්කිරේන් කියනවිට
මට දැනෙන හැඟුමක
වෙනසක් නැති ය කිසිවිට

Top