1150 x 80 px

 

සුනාමි දුම්රියට නැඟුණු සොඳුරිය - අනුර හෑගොඩ
දිය යට   කිමිඳ මුතු බෙල්ලන් සොයන      සඳ 
සිහියට  නො එද  ඔබෙ සියුමැලි සිනහ පොද 
උදයට    දැනෙන පින්නේ පිපි සුවඳ        කොඳ 
සැමවිට තබයි මගෙ සිත ඔබ වෙතම    බැඳ 
 
නිල් දිය කපා මින් ගම එළි කළ           දිනිඳූ 
අත ගෑ පත්ල පට සේලෙට වැඩි          සිනිඳූ 
බුර බුර නැඟුණු ජල යකුගෙන් බොර  උනිඳූ 
දහසක් නෙත් පියා හැඬුවද  සක්     දෙවිඳූ 
 
දුම්රිය කවුළුවෙන් දුන් හසරැල්     සොබනා 
සොරකම් කලේ කවුරුන් දැයි මා     නොදැනා 
අමතක නොවේ කිසිදා ඔබ යළි      නො එනා 
මේ අත්භවේ නිමවෙද දුක් මා              විඳිනා 
Top