1150 x 80 px

 

ගමේම ඡන්ද හිඟනවා.... - දමිත් කේතක

ටකරන් කරේ තියන්, දෙපසට ගාඩ් දමන්, ගමටම ගඩොල් බෙදනවා......
බෑ උම්බෑ කියමින්, පොඩි උන්ටත් වඳිමින්, ගමේම ඡන්ද හිඟනවා.....
බෑ උම්බෑ කියමින්, පොඩි උන්ටත් වඳිමින්, ගමේම ඡන්ද හිඟනවා.....//

 

මූ ගං කබර කාලේ , කෂියා පෙරපු තාලේ, තවමත් මට සිහිවෙනවා.....
කතිරෙන් හරක් ගාලෙ, සෙල්ලන් දමන තාලේ, අම්මප පුදුම හිතෙනවා.....
මැතිඳෝ නුඹ නාඬන්, තව පොඩ්ඩක් රඟපන්, මුන් උඹටම රැවටෙනවා......
මහන මැසින් දීපන්, ලැට් වළවල් කපපන්, ඔන්න බොල කතිරෙ වදිනවා......

පොත් ටික පොඩි එවුන්ට, බෙද බෙද එනකොට උඹ, දෙයියා වගෙ ගමට පේනවා....
පාසැල වෙත යන්නට, මිරිවැඩි සඟල එහෙම, අපෙ මුදළින්ම බෙදනවා.....
අපි පෙර ආත්මයක, කර ඇති මහ පාපෙට, උඹ වගෙ එවුන් ලැබුනෙ බන්....
මේ මහ ගව රෑනම, නොදන්න මනුස්ස කම, කටවුට් එකේ අලෝපන්.....

උඹ පාර්ලිමන්ට් යනකොට, කැබිනට් පඩි එනකොට, ගෑණිව ගමට දානවා.....
උඹ අඩ පණ වෙනකොට, ගොක් කොළ සෙට් වෙනකොට, දුව පුතා උඩට ගේනවා.....
උඹට රට කන්න දෙන්න, වටෙ උන්ට බොන්න දෙන්න, උඹ දැන් ඡන්දෙ හිඟනවා.....
අට පාස් මිනිස්සුන්ට, තව තව බලය දෙන්න, අපි උඹට පොරොන්දු වෙනවා......

ටකරන් කරේ තියන්, දෙපසට ගාඩ් දමන්, ගමටම ගඩොල් බෙදනවා......
බෑ උම්බෑ කියමින්, පොඩි උන්ටත් වඳිමින්, ගමේම ඡන්ද හිඟනවා.....
බෑ උම්බෑ කියමින්, පොඩි උන්ටත් වඳිමින්, ගමේම ඡන්ද හිඟනවා.....//

Top