1150 x 80 px

 

කළුවරේ මම මෙතන .. - දිනූ රාජගුරු

ඔඩොක්කුවෙ සමන් මල් තුරුල්ලක්
පුරවගෙන
සිනාසුණු ලිහිණියෙක් අම්බරෙන්
පැහැරගෙන
පැය ගනන් නොදොඩනා සැහැසිකම්
උහුලගෙන
කළුවරේ මම මෙතන ...සොහොන් කොත් ඇහැරගෙන

 

සිඟිති තන්තිරියෙකුගෙ පියාපත
පටලගෙන
තරුණ ධ්‍රැව තාරකාවක සිහින
උගුලගෙන
වෙව්ළුවා සීත ඇකයේ පබළු
සඟවගෙන
කළුවරේ මම මෙතන ......මහ මුහුද
ඇහැරගෙන

හුදෙකලා නාරටියකට ගීත
මතුරගෙන
ලෙන්සුවක් පිසදමා මල් කිණිති
අහුලගෙන
ඒ වැටුණු රොන් සුනක් කම්මුලේ
තවරගෙන
කළුවරේ මම මෙතන ......මල් සුවඳ
ඇහැරගෙන

ක්ෂීරපතයේ කොනක හදවතක්
අමුණගෙන
එකම එක චන්ද්‍රයෙක් කිට්ටුවෙන්
අලවගෙන
ඉලිප්සාකාර ගමනක රිදුම
නවතගෙන
කළුවරේ මම මෙතන .......ඔරායන්
ඇහැරගෙන

Top