1150 x 80 px

 

ඒ ටික දවස ගෙවෙන්නට පෙර.... - කල්පනා ඇම්බ්‍රෝස්

අතුරු මං මාවත්හි ඇවිද ගිය හීන ය
උතුරු සළු නො තැවරුණු උරිස් උප වීණය
පතුරු ගැලවුණ පසුත් මිය නො ගිය ප්‍රේමය
ඉතුරු වූ කෙටි සමය හිමි අහිමි දේම ය

 

අල්ලලා බලනු බැරි මත් බවකි ඇලලෙන
කල් බලා පුරනු බැරි මීවිතකි ඉහිරුණ
ඉල්ලලා ගත නොහැකි තත්පර ය ගිලිහෙන
මල් යනු ම හිත් තමයි කොයි වෙලෙත් ඇවිලෙන

මදාරා සුවඳක්ව හඹා එන මතකෙනි
මුදාගත් කෙහෙරැල්ව කෙටි දිවිය පියමනී
නො ආවත් හෙටක් අද වැළඳ ගත් සකියනි
බෙදා ගත් ආදරය තරුවක් ව ගිනි ගනී

Top