1150 x 80 px

 

අම්මාගෙන්, අවුරුදු එකහමාරේ බිම්බසාරා ට...! - සුරේඛා සමරසේන

බිම දිගේ ගිහින් - පුටු දිගේ ගිහින්
ජනෙල් රාමුවෙත් නඟීවි - අනෙක් තප්පරේ
ඇහැට නෑ නිවන් - බලං ඉමු ඉතිං
ඔයා තමයි - ගේ මැද්දේ බමර චක්කරේ...

 

බුක්කො ඥාව්වෝ - බව්වො තින්නයෝ
යන යන තැන පය පැටලී - අපිත් වැටෙන්නේ
පාට පාට බ්ලොක්ස් - බෝල බෝල බැට්ස්
ඔයා තමයි - ගේ මැද හැඩි කරන යන්තරේ...

නොතේරුම් වදන් - කියයි කඩිසරෙන්
මොන බාසාවක් ද කියල- කවුරුද දන්නේ
තරහ ගියොත් නං - සද්දෙ හරි සැරෙන්
ඔයා තමයි - කන් අස්සෙත් දුවන මන්තරේ...

තාල අල්ලමින් - දෙපා පොඩි තබා
මැන්ඩියත් තියන් නටන්නෙ - නැට්ටුවෙක් වගේ
ඩේ කෙයාර් නැතී - ඉරිද හරි ජොලී
ඔයා තමයි - අපේ ගෙදර ඉරිද පත්තරේ...

තම්බලීනට යි - සින්ඩරෙල්ලට යි
බොත්තම් ඔබමින් අණවයි - තිරේ පෙනෙන්ටැ‘යි
මාෂ යි මීෂ යි - හාව යි ඉබ්බ යි
අතර මැද්දෙ - ඔයා තමයි - මැජික් බිත්තරේ...

කෑම නං හොර යි - චොකෝ නං මර යි
පාක් යමු‘යි - පාක් යමු‘යි - කං කරච්චලේ
ඔන්චිල්ලාවෙන් බහින්නෙ - නැති එකයි වැඩේ
කොහොම වුණත් ඔන්න ඔහොම තමයි විස්තරේ...

 

Top