1150 x 80 px

 

රයිපලයට තවත් පතුරොමක් ඔබමි - ලාල් හෑගොඩ

මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි.

 

පෙම් කවක් ලිවිය යුතු උන් සැමට

වෘකයන්ද සරණ බිමට
පෙම්පතක් යවනු ඵල වෙද

කැක්කුම් දෙන ළයකට
රයිපලය බර නොවේ
කොළයත් - පෑනත් තබා
සඳෙන් බැස එමි

මල් පිපෙන බිමකට
වෘක පාසටහන් කුමකට

"කුමක් කළේද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවූයේ
වෘකයන් සමඟින් වසන්නට නොවේද?
ලොව සුන්දරත්වය එයම නොවේද?"

රයිපලයට තවත් පතුරොමක් ඔබමි

Top