1150 x 80 px

 

මෙතැන් පටන්.... - සමර විජේසිංහ

උසුලා ගත නො හැකිව
අන්තර්වර්තිකව
ඇතුළට කඩා වැටෙමින්
හැකිලෙමින්
සිටින තැන දක්වන
එළිය බිඳකුදු
පිටතට නො යවමින්

 

ඉදින්
මෙතැන් පටන්
නො පවතිමින්
ප්‍රේමයෙන් අසමතුන්
දහසක් දෙනා අතරින්
එක් අයෙකු වෙමින්

Top