1150 x 80 px

 

දරුවො හෙට එයි - ප්‍රගීත් කිරිඇල්ල

කැකුළු හාලේ වී ඇගිටි ඇට
කුල්ලෙ පූ කර ඉවත හෙලුවා
පිඟන් තැටි සෝදලා පිහදා
දෙතුන්සැරයක් මුනින් නැමුවා..

 

දරු පැටව් දැන් එතැයි හිත හිත
ඔරලෝසුවේ කටුව බැලුවා
ඉඹුල් කිරිබත් ගුලි හදන්නට
අම්ම කොලපත් සුද්ද කෙරුවා

අවර අහසේ වලා බෑවුම
අදත් දුක්බර ලෙසින් බැලුවා
තව ටිකක්වත් ඉන්න හැකිනම්...
ඉරපවා බැස යද්දි හිතුවා

අඳුරු කැට එක දෙක වැටෙද්දී
කඳුළු කැට ඇගෙ දෑසෙ ඉනුවා
"දරුවො හෙට එයි" සිතා අම්මා
පැදුරෙ ඇලවී පහන නිමුවා .......

Top