1150 x 80 px

 

මෙතැන, මේ රාත්‍රියේ - යශෝධා සම්මානි

ආකාස පියස්සට නගින තැන
පහන් කණුවේ පහන් නිවමී
පහළම තරප්පුවට වාරු වී
තරු නෙළන්නට අහස බලමී

 

මෙතැන, මේ රාත්‍රියේ
අළු අඳුරු දුමාරෙකි අහසේ
බොඳවු සඳ පැල්ලමක්
වළා තුල කිමිද යයි රහසේ

ඇල්පෙනෙත්තක් තරම
තරු තිතක් - දෙකක් වුව
ඇස් මතට දූලි කැටයක් වගේ වැටෙන බව
ලියා ඇත මදනලක පහසේ

Top