1150 x 80 px

 

අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

ගිනි පුළිඟු අරන් එන අඳුරේ
මිණි පළිඟු සොයන්නෙද මිතුරේ
තනි තනිව මියෙන්නට පමණ වරම් ලද
දිනිඳු නොදුටු මරු කතරේ

 

සුදු අකුණු ගැහෙන කළු අහසේ
තරු ලකුණු දකින්නෙද මිතුරේ
තටු බිඳුණු සියොත් ළඟ සිඳුණු අහස් ගඟ
ඉතුරු බිතුරු ගං පතුළේ

කොඩි ලෙලෙන සැලෙන විට සුළඟේ
වෙඩි වැදුණු කවක් ඇත මිතුරේ
පොඩි දෙයක් නුඹට පවසන්න ඇතත් මට
පිපුණු පිපුණු මල් පරවේ.

- විමල් කැටිපෙආරච්චි

Top