කා වෙනුවෙන්ද,කුමටද?' - වර්ණ රසිකා ගුණවර්ධන

ඔහු වගේ කෙනෙක් සිටියා
ආකාසයේ ඉහළ කෙළවර
අතින් ගෙන මධු බඳුනක්.
"ගෙදර යං" අයැදුවා මා.

'කා වෙනුවෙන්ද,කුමටද?'
විමසුවා ඔහු.

'අවුරුද්දෙ දානෙත් ඉවරයි.
ආවෙ නෑ මං පින් ගන්න.
මේ විදිහ හොඳයි.
මධු බිබී පාවෙමින් ඉන්න පුළුවන්.
කවි ලියන නිෂ්ඵල කාරියෙන්
ගැලවී ඉන්න පුළුවන් .
ආවහම ඔබටත් තේරේවි.'

"පාලු නැද්ද ඉඳහිටවත් ?"

'වෙලාවකට.
එහෙ තරම් නෑ .
සේකරත් ඉන්නවා.
දෙනෝ දහසක් නැති නිසා
ඉවසන් ඉන්න පුළුවන් බව
දැන් අපිත් දන්නවා.'

"කියන්න දෙයක් පණිවිඩයක් තියේද ?"

'ඇත්තෙන්ම නෑ .
මා නැතුව ලෝකය දුවන බව පේනවා.
මා නිසසලව
එක තැන නතරවී ඉන්නවා.
පසුකර යන අයෙක්
ඉඳහිට දුක සැප අහනවා.
සැපෙනි! සැපවේවා !!
ඔබට මෙ

Top