1150 x 80 px

කෙනෙක් මරණාසන්නයි ! වහාම එන්න - වින්ද්‍යා ආරියරත්න

සඳට පීනස ,ඉරට සහළවලා උණ
තරු මිලියන ගාණකට ඇස් ලෙඩ
වළාකුළු සුදුමැලි වෙලා
අහසට කරකැවිල්ල !


.
ඇහැළ ගස් ඔක්කොටම
වසංගතයක් වගේ සෙංගමාලය
රතු රෝස මල් ගහට නිරක්තිය
සමනල්ලුන්ගෙ පිහාටු පුරාම සුදු කබර !
.
බට්ටිච්චන්ට සෙං ගෙඩි
සුළං රැලි ඉවරයක් නැති කෙඳිරිලි !
වේදනයි !
තවත්නම් ඉවසන්න බැරි තරම් වේදනයි
.
ඇයි !! ඇයි ඔබට බැරි ?
සතියකට සැරයක් !
හරි! මාසෙකට සැරයක්
පේන තෙක් මානෙන් තත්පර දෙකක් නවතින්න !
මැරෙන්නම වැටුණු අසරණයෙක්ට
ඒ ඇස් වලින් වතුර උගුරක් දෙන්න !

Top