Untitled 1

පන්නිපිටියේ දී තරුණ කපුටෙක් කී කව - අනුරසිරි හෙට්ටිගේ


බලාපන් මුත්තේ
සංවර්ධනේ අස්සේ


වන්දනීය වූ නුඹ වසුරු ඵල
රජ වෙලා සිත් සේ
සිවුරු හොරු අස්සේ
අසංස්කෘතික වූ පිළල දිස්වේ
නිල කබා අස්සේ
පරණ පව් රැස්වේ
නීති දෙවගන සළු උණා ගෙන
වැතිරිලා මාවතක් මැද්දේ
ජාතියක මුර දේවතාවුන්
රතී කෙළියක සිත් සේ
නිවන් යන මිනිසුන්නේ
මග තැනූවේ නුඹ මැ යි මුත්තේ
ඉතිං තව වෙන මොනවාද අප්පේ
කපුටු දේශයේ කපුටු පරපුරේ
උරුම සුරකිමි දිවි දෙවැනි කොට
සාදු.. සාදු.. මුත්තේ..

Top