1150 x 80 px

රතුපාට එතකොට එරබදු මල්ම විතරද ? - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න

අප්‍රියල් කියන්නේ අවුරුදුම පමනද?
රතුපාට එතකොට එරබදු මල්ම විතරද?

කෙවිලියේ කියාපන් ඇත්තට
උඹටයි මටයි,
අප්‍රියල් මොකටද කැලැන්ඩරයට
උඹේ පැටියාත් කපුටියකගෙන්
ගුටිකන්න නියමිත....

අප්‍රියල් කියන්නේ අවුරුදුම පමනද?
එතකොට රතුපාට එරබදු මල්ම විතරද?

ඉරට කලියෙන් නැඟිටීම
හැන්දෑව මිය යෑමට නියමිතය,
බක්මහේ අකුණු හිස වැද
උඹ පාවෙනවා කීවාම ගඟ මත
කිරි සිදී ,එරබදු මල් දිය උණා තන අග
තාම හැට්ටේ සලකුණු ය....!!

ඔය අඳෝනාව ඇහුනාම ඇත්තට
පත්තුවෙනවා පපුවෙ පත්ලම...
කෙවිලියේ කපුටු හෙල්ලෙට
උඹේ පැටියාගෙ ලේ ද ඒ
එරබදු ගහේ හැම අතු අග්ගිස්සකම...

අප්‍රියල් කියන්නේ අවුරුදුම පමනද
රතුපාට එතකොට එරබදු මල්ම විතරද?

Top