1150 x 80 px

මීතොටමුල්ල කුණු කන්ද කියූ කවිය - ජනිත් විතාරණගේ

කිසාගෝතමි පටාචාරා පවා යනකොට යටවෙලා
අළුත් අවුරුදු ඇඳුම් ඇඳගත් පැටවු හිටියා බයවෙලා
චන්දෙ ඉල්ලන උන්ගෙ බොරු ලඟ වසර විස්සක් රැවටිලා
ඇත්තමයි මං කඩන් වැටුනේ බැරිම දවසෙදි ඉවසලා



කූඩුවක් නැති කොහෙක් පස්සෙන් කපුටො යනකොට එලවලා
ඈතකින් බක් මහෙ අකුණක් ගැහුවා තරහෙන් පුපුරලා
වත්තෙ ටකරං ලෑලී කාමර පොලව අස්සට යටවෙලා
පහත්වෙනකොට මමත් ඇඬුවා උඹලා එක්කම හිරවෙලා

ගාඩ් පිට යන ඇමති වරු නැහැ දන්නෙ කුණු ගඳ කොයිතරම්
වායූ සමණය කරපු කාමර උන්ට තියෙනවා ඉස්තරම්
පාන් ගන්නට කාසී ඇහිඳින උන්ගෙ ජීවිත නැති තරම්
උන්ට හුස්මක් ගන්න හිතුනත් හිටියත් ඕනී විදිහට නැහැ වරම් 

Top